ඇල්බනියට අප යන විට
ගහ කොල තුනි වූ පෙදෙසක
පරාදීසයකි වේ මඟ
සැම දන මන සිත නලවන
දුර ය මා ගත රඳන
තිසර නදි වට ගැවසි
කුඩා නිවහන මෙතෙර
පර්ත් නගරය මෙදින
මතකයේ ඉපිල්ලකි
දුර නිසා මැකී ගිය
මතක දිවයිනට මා
මනස නිති බැඳ තබන
මාලිමාවක් සදිසි
මා මෙන් ම වියරු වූ
ගොළු මුහුද හෝ නොවේ
මා අසල ළඟ පාත
දකුණු දෙස නීල වර්ණය මවන
අළුත් සයුරක් පෙනේ
මහළු වූ දෙනෙතකට
මකා කඳුලක් හදක
පුරාණෙන් ගලා එන
ආදි මානව පුවත්
ඇත මෙතැන වළ දමා
ආනයනය කළ සඳුන්
සුවඳ ඇත වපුරලා
වසා පුවතක් පැරණි
ආදි මානව පුවත්
පිරුණු සිතුවම් රැස ද
රැඳිණ මෙහි බිත්තිවල
අලූත් මුහුණක් රැගෙන
මම ද එකතු වෙමි මෙදින
අමුත්තන් නඩයකට
පැළඳ මා සුදු මුහුණ
වළ දමා ආදි මානව පුවත්
පරාදීසේ රැඳෙමි
මොහොතකට සිත නිවන
පැළඳ මා සුදු මුහුණ
වළ දමා ආදි මානව පුවත්
(ඇල්බනි, 2007)
Friday, November 6, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment