කූඹියකු සුළු දියෙන් කවිය මඩ කරන්නට
විරිය ගන්නා බවක් කීය මට ගොළු මුහුද
සුවඳ රැල්ලක් සමඟ
සයුරු තෙර විහඟකු ය නොදන්නෙමි
සුළු දියෙන් කූඹියකු කරන වැඩ
මෙතෙර සිටිනා සඳේ
නැත කූඹි හඬ ඇසෙන
මල් වැරුණු උදෑසන මුල් කවිය
ඉකි බිඳී මතක දිවයිනක් මැද
මහළු කවියකු වුව ද
බාල කවියකු වුව ද
සුළු දියෙන් කවිය වියමන් වේ ද?
Friday, September 17, 2010
Subscribe to:
Post Comments (Atom)
මේකත් සින්ඩියට දා ගත්තා... අනික් සින්ඩි වලටත් යන්න.
ReplyDelete