Showing posts with label කැල්ගරි. Show all posts
Showing posts with label කැල්ගරි. Show all posts

Thursday, September 24, 2009

29 - කැල්ගරි මිතුරන්ට

බෝ ගඟ ගලයි අමතක කොට කැලණි ගඟ [1]
නැති වුව පාරු හෙමිහිට උඩ පහළ යන
හිම කැටි රැඳුණු කඳු වැටි වෙයි ගිම් නිවන
සවනට පුරුදු මව් බස වෙයි හද තවන

ඇතුගල නොවේ ගල් කන්දකි ඇස බඳින
ගම දුර වුව ද මිතුරන් වෙයි සොමි ගුණෙන
ඉර නැති වුව ද රිසි අහසකි ගත තවන
මේ දුරු නුවර මිතුරන් වෙයි මහ පවර

(කැල්ගරි, කැනඩාව, 2007, අප‍්‍රියෙල් 15)

[1] බෝ ගඟ- Bow River) කැනඩාවේ ඇල්බටා ප‍්‍රාන්තයේ ඇති
පියකරු ගංගාවකි. එයට ජලය බෝ විලෙන් සහ කැනේඩියානු
රොකී කඳු වැටියෙන් ගලා එයි.