Sunday, November 8, 2009

37 - ගමේ පොළ මතක් වී

ඇල්බනියෙ පොළ දුටිමි
වේ ය සත්තාව එය!
එහෙත් අද මහළු වෙන
මනසෙ ඇඳි
කාලයට මැකී යන
මතක දිය බිඳු අතර
රැුඳුණු සිතුවමක් වෙයි
පොළට ගිය ගමන් ගැන

කුඩා කල සිත බැඳුණු
වල් අඹ ද, ඇඹරැල්ල
තිඹුටු ගෙඩි, රස කැවිලි
රස රැඳුණු සිහිනයකි
මතකයේ මැකී යන

වල් අඹ ද, ඇඹරැල්ල
තිඹුටු ගෙඩි, රස කැවිලි
ළමා විය මතකයන්
රැගෙන එන තැනකි මෙය
මතකයේ කැවිලි නැති

සිනාසෙන සුදු මුහුණු
කනට හුරු නව බස ද
දැන් පුරුදු රස කැවිලි
මේ රටේ ආහාර
පිරුණු මෙය සිහිනයකි

ගොළු මුහුද සුළං නැති
වල් අඹ ද ඇඹරැල්ල
තිඹුටු ගෙඩි, රස කැවිලි
රැඳී නැති දකුණු රට
මේ පොළ ද ගමක් වෙයි
ළමා විය මතකයන්
මතක මාවත දිගේ
මහළු හදකට අදින


(ඇල්බනි, 2007 දෙසැම්බර් මස 29)

No comments:

Post a Comment