Saturday, November 14, 2009

38 - උරණ වූ තිසර නදිය

පෙර මෙන් කවි පද බැඳුමට රිසි ලෙස ට
ගොර තර අද ලොවෙහි ඉඩ කඩ නොමැත ම ට
මර හඬ නැගෙයි කම්මල් දහසින් අව ට
සරණක් සොයා ආවෙමි මේ ගං තෙර ට

(විමල් දිසානායක, කල්ප විනාසය කාව්‍ය සංග‍්‍රහයෙනි)

නැත මේ නදී නිල් දිය අද පාවෙන්නේ
බොර වී වතුර ඇදටයි පහළට යන්නේ
කළු සුදු වුවත් ගඟකින් දිය බැස යන්නේ
කිම මා මෙලෙස මේ ගංතෙර වැළපෙන්නේ

සුදු තිසරුන් පවා මේ තෙර කළුවන්නේ
ගඟ දිය උඩින් නැහැ පාරු ද පාවෙන්නේ
මේ ගංතෙරින් නැත සී පද මතු වන්නේ
කිම අද මෙලෙස මේ ගංතෙර වැළපෙන්නේ

නැත මේ ගෙඟ් නිල් දිය අද පාවෙන්නේ
කළු සුදු වෙලා මෙහි වතුර ද සැඟ වෙන්නේ
මේ ගං දියේ නැත මාළු ද පීනන්නේ
කිම මා මෙලෙස මේ ගංතෙර වැළපෙන්නේ

ගඟකට වතුර එන්නේ සුදු අහසින් ද
මේ ගං දියේ බොර වතුරත් සුදු වී ද
මාළුන් ගෙඟ් පීනන්නේ සැඟ වී ද
මා ගෙතු කවිත් මේ ගංතෙර සැඟවේ ද

No comments:

Post a Comment