කවිය මලක සුවඳ වැනියැයි, වරක් මම ලියූවෙමි.මා එය යළිත් ප‍්‍රතිරාව කරන්නේ, කවිය හොඳම නිර්වචනය -හොඳම විවරණය - මගේය කියන අනුවණ ආත්මාභිමානී අදහසින් නොවේ.මා කවිය මලක් වැනියැයි කීවේ, මලක සුවඳ උරාගෙන අවසන් කළ නොහැකි සේම, කවියේ ද අරුත උකහාගෙන අවසන් කළ නොහෙන නිසා ය. අන්තිමේදී කවියෙහි අරුත, මලෙහි සුවඳ මෙන් එය තුළ ම රැදී ඉතිරි වෙයි. කවියේ අරුමයත් අසිරියත් එය නොවන්නේද? කෙසේවෙතත්, කවිය ගැන මා දැනුදු ඉතාම හොඳ හැඳින්වීම හැටියට සලකන්නේ, ඉයුජිනි යෙෆ්ටුෂෙන්කෝ ගේ මෙවදන් ය.
”කවිය කුරුල්ලකු වැනිය. එය දේශසීමා නොතකයි.”
එහෙත් දැන් මට හිතෙන කාරණය නම්, කවිය ගැන දී ඇති නිර්වචන තවමත් මදි බව ය.කවිය කැඩපතක් වැනි යැයි දැන් මට සිතෙයි. එහෙත් එය සාමාන්‍ය කැඩපතක් නොවේ ය. ඒ වූ කලී ඇතුළත පිටත දෙක ම බැලිය හැකි අසිරිමත් කැඩපතකි. ඒ සිතිවිල්ල මා තුළ හටගත්තේ, දැනට ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර් ජීවත් වන සුනිල් ගෝවින්නගේ කවියාගේ 'මතක පිළිරැව්' කියවන විට ය.
Wednesday, April 7, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment