දවසේ අන්තිම හිරු රැස් ද
අවසාන සුසුම් රැළි හෙළද්දී
මම ද මිය ගොස් ඇති බව
පසක් කොට ගතිමි.
මැරෙන හිරු රැස් අතර
මගේ කවි මෙන් මා ද
මිය ගොස් ඇති බව
මම පසක් කොට ගතිමි.
පර බස් හැසිරීමෙන්
උරණ වූ මගේ මනස ද
මිය ගොස් ඇති බව
මම පසක් කොට ගතිමි.
මගේ බස නොදත්
මගේ දරුවන් ද
මා මිය යන බව
කාලයට දන්වා ඇත.
ඔවුන්ගේ මව් බස ද
මිය ගොස් ඇති බව
මම පසක් කොට ගතිමි
මැරෙන හිරු රැස් පරිදි
දවසේ අන්තිම හිරු රැස් ද
අවසාන සුසුම් රැළි හෙළද්දී
මම ද මිය ගොස් ඇති බව
පසක් කොට ගතිමි.
Thursday, April 1, 2010
Subscribe to:
Post Comments (Atom)
කාලයකට පසුව කියවූ මගේ රුචියේ හැටියට 'රහ දැනෙන' කවියක්...
ReplyDeleteඅපේ සන්තානයේ බොහෝ දේ මිය යයි... එය වඩාත්ම දැනෙනුයේ ඉසුඹුවක් ලැබෙන සැනින් තම හදවතටම එබෙන අප වැනි මිනිසුන්ටය... එක අතකින් එතරම්ම අප අපව හඳුනාගැනීමත් එක්තරා හිසරදයකැයි සිතෙන්නේ, ජීවිතය ගැන මෙලෝ වගක් නැතුව උපන්නාට වැනෙන මිනිසුන් අනුන්ට හක් හක ගා හිනහ වෙමින් අඳ බාලයන් සේ ජොලියෙන් ජීවත් වන්නා දකින විටය...
සාර්ථක කවියක් කවියා අත්දකින හිස් බව මනාව අපට දැෙනනවා අත්දැකීම ඉදිරිපත් කර අැති අාකාරය ඔබටම අනන්‍යයි සහ නවතාවයකින් යුක්තයි
ReplyDeleteසජීවනී