Wednesday, April 7, 2010
56 - මරණය කෙටි ගමනකි
”මරණය
ඇවිදින් කලින්ම
අත වනයි
දුර ගමනක් යන්නට
සුදු කොඩි වැල්
අතරින්
පාළු සුසානයට”
ඔබ කැටුව එන්නෙමි, සොල්දාදුවා සහ විජිතය කාව්‍ය සංග‍්‍රහය, උදේනි සරත්චන්ද්‍ර
මරණය මට
දිගු ගමනක් නොවේ සබඳ
කෙටි පාරක අග ය නොරට
සුදු වැල් කොඩි කොයින් ද මට
සුදු තිසරුන් කළු වූ රට
දෙවෙන්දරා ගිය විලසට
යන්ට නොහැක සුසානයට
පණ ඇති කල ගෙවූ කාසි
ගෙන යනු ඇත කළු රියකින්
කරකතාව නිහඬ තැනකි
රේල්ලූවක හඬ ඇරුණම
රැහැයියන් ද නැති දවසක
සිහින් සුළඟ ගී කියා වි
උපත විපත හෝ දක්වන
සොහොන් කොතක් නැති වූ කල
ඔබේ කවිය ඉකි බිඳමින් ගී ගයාවි
රැහැයියන් ද නැති වූ රැය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment