මා නමෝවිත්තියෙන් ම එකරුණ සඳහන් කළේ,සුනිල් ගෝවින්නගේ කවියා මායිම් නොදකින කවියකු බැව් කල්තියා ම සඳහන් කිරිම උචිත යැයි හැගුණු බැවිනි.
සුනිල් ගෝවින්නගේ කවියාගේ ‘මතක කාව්‍ය’ ත‍්‍රිත්වයම මා කියවූයේ නොතිත් ආශාවෙනි. මේ කවි,මෙසමයෙහි ලියවෙන බොහෝ සිංහල කවිවලට වඩා වෙනස් ය. ඒ වෙනස,පිටතින් මෙන් ම ඇතුළතින් ද දක්නා ලැබෙන වෙනසකි. ඔහුගේ මුල් ම කෘතිය වන 'මතක දිවයිනට'විමල් දිසානායක ලියන පෙරවදනෙහි මේ අපුරු වැකි කිහිපය දක්නා ලැබෙයි.
"සුනිල් ගෝවින්නගේ පළකොට ඇති ‘මතක දිවයින’ නමැති මෙම කාව්‍ය සංග‍්‍රහයෙන් ඔහු පාඨකයා කැඳවාගෙන යන්නේ අපූරු ලෝකයකටය. එම ලෝකය වරෙක පියකරු ය: වරෙක බියකරු ය. බොහෝ විට, කනස්සල්ලෙහි දැවටී ඇත ... කනස්සල්ල ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකියි. එනම්, දුක් වීම සහ පරිතාපයයි.... දුක් වීම තාවකාලික ය. පරිතාපය සදාකාලික ය. සිය රටින් බැහැර ව ගොස් වෙනත් රටක පදිංචි වීමත් සම`ග උද්ගත වන පරිතාපය, සුනිල් ගෝවින්නගේ කිවිඳාගේ බොහෝ පද්‍ය රචනාවලින් ගම්‍යමාන වේ.
Thursday, April 15, 2010
Subscribe to:
Post Comments (Atom)
කෝ එක කවියක් වත් බේතකටවත් නෑ නෙව
ReplyDelete