Friday, September 17, 2010

පැනයක්

කූඹියකු සුළු දියෙන් කවිය මඩ කරන්නට
විරිය ගන්නා බවක් කීය මට ගොළු මුහුද
සුවඳ රැල්ලක් සමඟ

සයුරු තෙර විහඟකු ය නොදන්නෙමි
සුළු දියෙන් කූඹියකු කරන වැඩ
මෙතෙර සිටිනා සඳේ

නැත කූඹි හඬ ඇසෙන
මල් වැරුණු උදෑසන මුල් කවිය
ඉකි බිඳී මතක දිවයිනක් මැද

මහළු කවියකු වුව ද
බාල කවියකු වුව ද
සුළු දියෙන් කවිය වියමන් වේ ද?

1 comment:

  1. මේකත් සින්ඩියට දා ගත්තා... අනික් සින්ඩි වලටත් යන්න.

    ReplyDelete