Wednesday, December 30, 2009

47 - පැමිණිල්ලක්

"මේ රඟ මඬලේ රඟ නරඹන්නන් ගේ
කන්වල කුහරේ ඉඩ කඩ පොඞ්ඩක්
මාගේ ගීයට ලැබුණේ නැත."
(ගීය, අබිනික්මන, සිරි ගුනසිංහ)


රට අතහැර මා ගිය බව සැබවකි
එහෙත් කිම ද මට අතවර මේ ලෙස?
ඔබ ලියනා බස් මම ද ලියන්නෙමි
ඔබ දොඩනා බස් මම ද දොඩන්නෙමි

මේ රට ඔබගේ යැයි දොඩවන විට
එය ද මගේ යැයි ලොවට කියන්නෙමි
මෙබස ඔබේ යයි ඔබ දොඩනා කල
ඒ බස මා බස කියා හඬන්නෙමි

මා ලියු වදනක අරුතක් නැති බව
කියා කිම ද මට අතවර මේ ලෙස?
ගඳඹ අමර සර ඔබට ම හිමි නැත
ලෝ වැසි අපට ද හිමි ය අමර සර

රට අත හැර මා ගිය බව සැබවකි
එහෙත් කිම ද මට අතවර මේ ලෙස?

ඔබ ලියනා බස් මම ද ලියන්නෙමි
ඔබ දොඩනා බස් මම ද දොඩන්නෙමි

(ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, 2007 දෙසැම්බර් මස 05)

3 comments:

  1. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, 2007 දෙසැම්බර් මස 05

    ekka tiyena sambande mokadda?

    ReplyDelete
  2. බින්කු

    කවියක් ලියූ පසු එහි පසුතලය ගැන කතා නොකළ යුතු බව වියතුන් පවසා ඇත එහෙත් ඔබගේ කුතුහලය මදක් හෝ අඩු කරන්නට නමි කරුණු තුනක් පැවසිය යුතු ය


    1. මෙම කවියට පාදක වූයේ මෙදින අමරදේව ශූරීන්ට මා ලියූ කවියක් සුනිල් එදිරිසිංහයන් ගායනා කොට නිෂ්පාදය කොට තිබුන ද ලියු මා සහ කවිය ප‍්‍රතික්ෂේප කළ සිද්ධියකි

    මා සිතන අන්දමට එයට හේතු වූයේ ගී ලියන ඇදුරකුගේ කුරුරු සිතුවිල්ලකි

    2. මෙම දිනය අමරදේව ශූරීන්ගේ 80 වෙනි උපන් දිනයයි.

    3. ඔබ එම ගීතය අසා නැත්නමි හරහා ගොස් සුනිලුන් සුනිල් එදිරිසිංහයන් ගේ "ඇදෙමි මහ නිල් ගැබට" යන ගීතය අසන්න.

    It is also in Perthkavi blog!

    ReplyDelete
  3. ඔබ සුනිල් ගෝවින්නගේ! මම කසුන් ගෝවින්නගේ....බොහොම සතුටුයි! පද පෙල අපුරුයි

    ReplyDelete