(පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා සමග ටෙලිෆෝනයෙන් කළ සංවාදයකට පසු පහළ වූ සිතුවිල්ලකි)
ලඳු යාය ගලගම ද මා අතැර පැමිණි පසු
ඔබ ද එහි ගිය බව ද දැන ගතිමි තුටු සිතින
ඔබේ මතකය කිම ද ලඳු යාය සොඳුරු ගම
දඬුවමට යැවූ පසු දුර බැහැර ඒ ගමට
ඔබ සේ ම නොගිය‘මුත් ද දඬුවමට ඒ ගමට
තුරුණු විය මම දුටිමි දුක බැඳුණු සොඳුරු ගම
එන්සාල් පඳුරු මැද අහස් කුස අතර මැද
සොඳුරු ගම දුකෙන් රැඳි ගම් අතර
ඔබ සේ ම ගුරුතුමෙකු නොවූව ද
කියා දී ඇත මා ද පාසැලේ දරුවන්ට:
රැක ගන්න සෞඛ්‍යය
හොඳ වතුර ටික බොන්න
එන්නත් ද ලැබ ගන්න
ගැලවෙන්න කොළරාව!
කියන්නට එදා මා දත් නමුත්
ඇයි නැත්තෙ ගෙයි වතුර
බැරි ඇයි ද රැක ගන්න සෞඛ්‍යය
කියන්නට නොහැකි විය පාසැලේ දරුවන්ට
දුගී බව රැඳෙන්නට හේතු වූ කාරණය
එන්සාල් පඳුරු මැද
දුකෙන් පිරි ගම් අතර
රැඳුණු ඒ සොඳුරු ගම
ආලෝක මිනිස් මැද
රාජකාරියට මා එදින කඳු නැග්ග
පාසැලේ දරුවන්ට
අකුරු ඔබ කියා දුන් වග අසා
සිතින් මම තුටු වීමි
මා මතක එගම ගැන
අහස් කුස මැද රැඳුණු
එන්සාල් වතු නොවේ
ගලගමට ගලා ගිය
දිය ඇලේ වතුර නොව
පාසැලේ දරුවන්ට
දුගී බව රැඳෙන්නට හේතු වූ කාරණා
කියන්නටනොහැකි වූ දුක පමණි!
නිම නොවූ තවත් එක මෙහෙවරක්
එළි නැති වු කවියකින් මෙසේ මම බැඳ තබමි
ආලෝක නො ලද මිනිසකු නිසා!
එදා වගේ අදත් ඔවුන් ...
"මහ වැස්සට තෙමෙනවාද
කුනාටුවට අසුවුනාද
දොල තරණය කරනවාද
ඉරේ සිනා දකිනවා ද
පාර දිගේ දුවනවාද
ජය කනුවක් දකිනවා ද” (1)
(1) මේ ඡ්දය පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා ගේ අකීකරු පුත‍්‍රයකගේ ලෝකය නම් කාව්‍ය සංග‍්‍රහවෙන් උපුටා ගතිමි.
Monday, August 24, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment